Wednesday, November 21, 2012

එදා අද මෙන් හෙටත් හිනැහියන් හිතවතී

විල් දියම සසලයි සුදු නෙලුම් මල පිපී
පිනි බින්දු වැටී පෙති රෑ දිවා දිළිසුණි
බමන බඹරුන් පෙළා තටු සිඳින්නට හැකී
කීම ඵලක් ලබනු මම කාත් කව්රුත් වෙමී

වසන්තය වෙලා නුඹ නාවමුත් කම් නැතී

නුඹ නොදැන සුවද දෙයි මගේ ලොවට හිතවතී
පුදබිමක ඇවිදින්න දෙපා පිරිසිදු මදී
අකුරු කර යනෙන හැටි බලා ඉන්නෙමි සැලී.

ඔබ ලියු සටහන් අකුරු මා ළඟ ඇති

බලා කියවනු කෙලෙස මසිත මා ළඟ නැතී
ඔබෙන් පන්හිඳ රැගෙන ලියු සටහන් මැකී
ඔබේ නම පමණක්ම පිටු පුරා මතුඋනී


මල් උයන් පුරාවට ජීවිතේ නෙත රැඳී

කිසි දිනෙක නොදුටුවෙමි මලක් නම් නුඹ වැනී
විරාගික ඔය දෙනෙත් ඉදිරිපිට නතරවී
ඇත්තමයි භාවනා කරන්නට මට හැකී

වස්සානයේ රුදුරු වැසි වැටෙන රෑකදී

ඇස් දිහා බලා ඔබ මුව පුරා සිනාසී
අවසාන දුම්රියෙන් නික්මයන තුරු ඇදී
දෙතොල අවසඟව මං බලන් උන්නා එබී

මල් පොකුරු පුදින්න මේ පොලව රළු වැඩී

යනෙන මාවත් පුරා අඳුරු කරදර ඇතී
කොහි ගියත් නුඹ දෙසම මම බලනවා හැරි
මම නොකිව්වත් නුඹට නුඹ දන්නවා ඇතී

මට කියා යදින්නට කිසිදෙයක් මට නැතී

ඔය මුවේ සිනාවක් රැඳෙයි නම් මට ඇතී
තැවෙන්නට එපා ඔබ දුකක් මට නම් නැතී
එදා අද මෙන් හෙටත් හිනැහියන් හිතවතී

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home