Wednesday, October 17, 2012

ඒක පාර්ශ්චවික ආදරය


කතා කරන ඇස්වලින් මං දිහා බැලුවත්

නොදැක්කා වගේ බිම බලාගෙන හිටියත්

අමුත්තක් නෑ මසිත නුඹ ලඟදි සසළයි
 
ආදරේ උන්මත්තකයි, ඒක පාර්ශ්චවිකයි

සදාකල් ගෙවෙනතුරු මට ඒක එහෙමයි

පාට රස වින්දත්, සුවඳ මට දැනුනත්
 
මල්  පිපී ඇත්තේ කඩුල්ලෙන් එපිටයි

හුඟක් විට ලැබුනත්, ඉඳහිටක නොලැබුනත්

උහුලගන්නම බැරි, මට නුඹේ සිනාවයි 



1 Comments:

At October 17, 2012 at 9:47 AM , Blogger මඩයා said...

පිස්සු හොදේ
ලෙසටම පට්ට
මේ අත්දැකීමක් නෙමේ කියලා මං දන්නවා ;)

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home