ශ්වේත
Wednesday, October 17, 2012
Thursday, October 11, 2012
සැඟව ගියා පමණයි
අප මියගියේ නැත
ගිම්හානයේ මල් මෙන්
සැඟව ගියා පමණයි
ඇඟිලි තුඩු දිගුකර
අල්ලා ගත්තා පමණයි ඔබේ අත්
තලා දැමුවා ඔවුන් ඒ අතැඟිලි
අප උන් ඉක්මවා යතැයි බියෙන්
උන්ගේම වූ කාලයක
මෙය උන්ගේ ද්වීපය වූ කල
උන්ගේම දේශය වූ කල
උන් කුලය පමණක් කුලය වූ සඳ
මව් ම පමණකි ඉතිරි අපහට
අප දිනා දුන් දේ
නැවත නැවතත් දිනාගත යුතුය ඔබ
රැගෙන යා යුතුය හෙටටද
එවිට අප මියගියේ නැත
ගිම්හානයේ මල් මෙන්
සැඟව ගියා පමණයි
ගිම්හානයේ මල් මෙන්
සැඟව ගියා පමණයි
ඇඟිලි තුඩු දිගුකර
අල්ලා ගත්තා පමණයි ඔබේ අත්
තලා දැමුවා ඔවුන් ඒ අතැඟිලි
අප උන් ඉක්මවා යතැයි බියෙන්
උන්ගේම වූ කාලයක
මෙය උන්ගේ ද්වීපය වූ කල
උන්ගේම දේශය වූ කල
උන් කුලය පමණක් කුලය වූ සඳ
මව් ම පමණකි ඉතිරි අපහට
අප දිනා දුන් දේ
නැවත නැවතත් දිනාගත යුතුය ඔබ
රැගෙන යා යුතුය හෙටටද
එවිට අප මියගියේ නැත
ගිම්හානයේ මල් මෙන්
සැඟව ගියා පමණයි
Wednesday, October 10, 2012
පැරණි සටන් සගයෙකුට කී කව-චූලානන්ද සමරනායක
පැරණි සටන් සගයෙකුට කී කව
ඉල් මසක ගිනි බිඳුණ
රතු කැකුළු පොකුරක
දුක්බරම මතකය දරාගෙන
බස් පොළට ගිය දිනක
ඒත් ඉල් මසකම
දුටිමි නුඹ කෙසග රුව
ලෑලි කඩ පේලියේ කෙළවර
බුකියේ ලෑලි හිඩැස් අතරින්
පෙනුණු අසරුවාගේ මුහුණේ
අතීතේ ලකුණු බොහෝ විය
තබා වම් පය සෑදල වළල්ලේ
සූදානමින් නගින්නට අසුපිට
නේරංජනාවෙන් ඔබ
සිහින කහවනුවක් නෙලන්නට
පළමු මොහොතේම
ඇසට ඇස පැටලුණ
සොඳුරු මදහසමය
දහ අට වසරකට පෙර පුරුදු
සැණින් එය මරාගෙන
නාඳුනන බවම ඇගවෙන
බැල්මකිය
තුරග උප්පැන්න සහතික පළාගෙන
සොයුර පෙර දවස
ගිනි ඇවිල සටන් බිම
උරෙන් උර ගැටී උන් සගයා
මම වෙමිය
ජය වෙවා භංග වෙවා
නගා රණ ගොස
බැටන් පොලු රබර් ඊයම් මූනිස්සම්
දැක දැක
රතු ධජය ගෙන
පෙළපාලියේ නුඹ සමග නුඹ අසලින්ම
ගිය සගයා මම වෙමිය
බූස්සේ පූනානියේ
පැලවත්තේ තෙලවල
ඇල්දිය සමග කදවුරු බත කා
එකට කොක්කෙ එල්ලී
ගුටි කෑ දත් මිටි කමින් උසුලාන උන්
සගයා මම වෙමිය
වැටෙන්නේ අහවල් දෙටද මහත්තයෝ
තෙරෙනවා නම් අපොහකෙ
නිබඳ නුඹ දිරි වදන්
අසා හුන් සගයා මම වෙමිය
අනන්තය සේ ගෙවී ගිය
වසර ගණනක කාලයක පසුව
අද අහම්බෙන්
ඇස ගැටුණ නිමෙෂයක
ඇයි ද නාඳුනන බැල්මක
වහං වී පලායන තැත
එදා ළග නොසිටි අසු ඇති මුත් අද
කො එදා ළග තිබූ අසිපත
එන්නේ නැද්ද කවමදාවත් ආයෙ නුඹ
උරෙනුර ගැටී
ජය වෙවා භංග වෙවා කියන්නට
චූලානන්ද සමරනායක


